Friday, October 24, 2014

එය පාර මිස බුදලයක් නොව....

ගමේ පාර…


අධිවේගී පාර ඉදිවෙන තුරාවට
ගමේ පාරේ වල අමතක කොට
ගණන් හදයි එක්ව සැම එදිනට
අධිවේගයෙන් යනෙනා සැටි මතක්කොට

වහිනා කලට පාරක් නොව ගඟක්‍ නොවැ ඇත්තේ
පයින් යන්නටවත් ඉඩක්නැති වලකුයි සෑදී ඇත්තේ
ඡන්දයක් නොම වෙයි ලඟ ඒකයි ගැටළුව ඇත්තේ
මන්ත්‍රීතුමා ඒකයි ප්‍රතිපාදන ගැන සිතමින් ඇත්තේ


ඉඩම පොඩි නිසා පාරෙන් පොඩ්ඩක් අල්ලා වැට ගැසුවා
කවුරු නම් ඔවා දනීද ඒ ගැන නම් කිසි බයක් නම් නැතුවා
පාරේ වැලිත් විකුණා කා සේදී යන්නේ පාරමයි අමතක කෙරුවා
ගමේ පාර තමන්ගේ බූදලේ කියා සමහරු සිත් තුල සටහන් යෙදුවා

Saturday, October 18, 2014

දෙවියොත් අහක බලන කල....

මෙහෙකාරකම කියන්නේ මම නම් හිතන්නේ කිසිම කෙනෙක් කැමැත්තෙන් කරන රැකියාවක් නෙමෙයි. දුප්පත්කම තමා මේ වගේ දෙයක් කරන්න බොහෝ අයව පෙළඹවන්නේ. 
ඉතින් පොඩි දරුවෝ කියන්නේ මල් වගේ. එහෙම දරුවෙක්ට මෙහෙකාරකමේ යෙදෙන්න වුනොත් ඒ දරුවට කොහොම හිතේවිද?
ඔන්න කියවන්න එහෙනම්...


දහසින් බැඳී පියලි දෙනවා කියා
දෙමාපියන් මා සිටුමැදුරකට යවලා
විඳිනා දුක් ගැහැට ගැන නොම දන්නා 
මෙහි තනි වී මා ලොවට රහසේ හැඬුවා....





උදේ හවා වැඩ පමණයි ඇත්තේ
දෙවියන්වත් ඇයි මා දෙස නොබලන්නේ
පාසල ගැන හැමවිට සිහිවන්නේ

කවදාදෝ මේ නර දුකින් ගැලවෙන්නේ....

Thursday, October 16, 2014

ඔන්න බස් එකක් එනවෝ!!!

බස්වල ගමන් නොගිය කෙනෙක් අපේ රටේ නැතුව ඇති මම හිතන්නේ. ඉතින් බොහෝවිට එහෙම ගමන් බිමන් යද්දී අත්දකින්න වෙන සිද්ධි ටිකක් ගැන තමා මම පොඩි කවි ටිකක් ලිව්වේ. :)

කඩිමුඩියේ බසයට නැගගත් අයද වෙතී
කොන්දා ඒ සැම අතරින් දුව දුවා යතී
බසය මඟුල් කරගන්නට ගොස් සමහරු පහර කතී
වැඩිදෙනා නම් පමාව ගැන රියදුරාට බැණවදිතී

බ්‍රේක් පහර ගසන්නෙ එලියට විසි වෙන්නයි
ඒ පමාවෙන් සමහරු වාසියද ලබයි
කෑගසනා රේඩියෝවෙන් කිසිවක් හරිහැටි නෑසෙයි
එනමුත් එක්වරක් හෝ ලංකාවේ බසයක යා යුතූමයි...





Monday, October 13, 2014

නැගණියනේ....

සමාජය පෙනෙන තරම් සුන්දර නැහැ. විශේෂයෙන් ගැහැණු ළමයෙකුට ජිවත් වෙද්දී එන අභියෝග බොහොමයි. පාසල් යන කාලේ ඉතා සුන්දර කාලයක්. ඒ වගේම ඉගෙනීම ඉතා වැදගත්.
ඉතින් ප්‍රේමයට හිත යොදන්නේ නැතිව පාසල් යන කලේ හොඳින් ඉගෙන ගන්න නංගී. :)



Friday, October 10, 2014

ෆේස්බුක් සහ මංගල යෝජනාව....

අද කාලේ ගොඩක් අය fb ඉන්නවනේ. ඉන්න අය ඒක විවිධ විදියට යොදා ගන්නවා. එහෙම යොදාගත්ත කෙනෙක්ට වුන ඇබැද්දියක් තමා මේ තියෙන්නේ.

Wednesday, October 1, 2014

ආදරයේ ඇරඹුම.....

අම්මා කෙනෙක් වෙන්න විවාපත් වූ දවසේ ඉඳන්ම ගැහැණු කෙනෙක් කොතරම් පෙරුම් පුරනවද?
ඒ සිහිනය ගැනයි මේ....


තම කුසට දරු පැටියෙක් ඇවිත් කියල දැනගත්ත දවසේ ඉඳන්ම ඒ දරුවා ගැන පැතුම් මහමෙරක් පතනවා ඇති සැබෑම අම්මා කෙනෙක්.



අම්මා තම ජීවිතෙන් පවා කැපවීම් කරලා අපිට හොඳ ජිවිතයක් දුන්නා.