ගැහැණු ළමුන්
දකිනා කලම
හිතට ගනී තම මනමාලකම
පොදු ස්ථාන කියා අමතකම
වෙන්නට යයි නාකි ඉලන්දාරිකම
තම
දූගේ වයසේ බව දන්නවා
ඒ
වුනත් හිතේ ආශාව තෙරපෙනවා
පවුල්
දිවියේ රස අමතක වෙනවා
කොල්ලන්ටත්
එහා විසේ වැඩෙනවා
ගෑවී
ගෑවී යන්නට පෙරුම් පුරනවා
ලැජ්ජා
නැති මොවුන් ගැන කලකිරෙනවා
පොඩි
එවුන් මල් මෙන් තලා දමනවා
මේ
වගේ නාකින්ට යන්නට අපා නැතිවෙනවා...