වෙන්වීමක් කියන්නේ කෙනෙක්ට ගොඩක් දැනෙන දෙයක් වගේම
අනිත් කෙනාට එතරම් දෙයක් නොවෙන්න පුළුවන්. සමහර සම්බන්දතාවලට
නමක් දෙන්න නොහැකියි මේ සමාජ ගර්භය තුල. ඒ සමහරවිට ඒවා සරල
වැඩි ඇති නැතිනම් සංකීර්ණ වැඩි ඇති.
මොනවා වුනත් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ඈත් වෙන්න සිදුවෙන
එක මනුෂ්‍ය වගේම තමන් ප්‍රිය කරන සතුන් පවා නිසා ඇතිවිය හැකි දෙයක්.
සම්බන්දතාවක් ඇති වෙන්න අපි බොහෝ දෙනා කියනා පරිදි මහා කාලයක්
යා යුතුයි කියා කිව්වත් මාගේ අදහස එයට මොහොතක් වුවත් ප්‍රමාණවත්. එනමුත්
වෙන්වීමෙන් දැනෙන දුක වේදනාව සමහරවිට සදාකාලික වෙන්න පුළුවන්.
අද අපි කෙනෙක්ට සැනසීම ගෙනත් දෙනවා එනමුත් හෙට කාලයත් එක්කම.
අපිත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාදාරන හේතු නොමැතිව මනුස්සයෝ ලෙස
දුරස් වෙන එක නම් අනුමත කල නොහැකියි.
අපි කුඩා කල සිට මහලු වනතුරා මාපියන්, යාළුවන්, ආදරවන්තයා හෝ වන්තියට
ලංවෙන්න කැමතියි. එහෙත් අපිට ඔවුන්ව සදාකාලිකව කොහොමත් තියාගන්න බැරිබව
ඔබ මෙන්ම මමත් හොඳින්ම දන්නා කරුණක්. අනෙක් කරුණ තමයි අපිට කෙනෙක්ගේ
හිතේ බලෙන් රැඳෙන්න බැහැ. සහෝදරකම් පවා එහෙමයි. අපි තව කෙනෙක්ට තමන්ගේම
කියා සැලකුවත් ඔවුන්ට කුමනහෝ කරුණු නිසා අපව නොවටින්න පුළුවන්.
එය එසේ වුවත් අපි දුක් වී මිය යන්න යාමෙන් පලක් සිදුවෙන්නේ නැහැ. කවුරුන්වත්
පරාජිත වී නිකමුන් මෙන් ජීවත්ව මිය ගිය අය ගැන කතා කරන්නේ, සිහි කරන්නේ නැහැ.
නමුත් වැටෙන වාරයක් පාසා නැඟිට ජීවිතය සාර්ථක කරගෙන සමාජයට වැඩක් කල අය
ගැන මිනිසුන්ගේ හිතේ රැඳෙනවා ඉබේටම.
අපූර්ව අදහසක්
ReplyDeletetnx
Delete