එයා එනවා කිව්වා දරුවා ලැබෙන කාලෙට බලලා යන්න. ඒත් ඒ වෙනුවට ආවේ එයාගේ යාලුවෙක් ළමයට ඕනි කරන දේ ටිකක් අරන්. මට හරිම දුකක් ඇති වුනා. අපි යාලුවගෙනුත් ඇහුව මොකද වෙලා තියෙන්නේ කියල.
එයා කිව්වෙත් වැඩ වැඩි නිවාඩු නැහැ වගේ කතා ගොඩක්. ඒත් මට නම් මොකක්හරි වරදක සේයාවක් තේරුනා. ඒත් මම අම්මා එක්ක වුනත් ඒ ගැන කියන්න ගියේ නැහැ. කොහොම වුනත් ලස්සනම ලස්සන දුවෙක් මට ලැබුනා.
අම්ම ළඟම නිසා මට එයාව රැකබලාගන්න ඒ හැටි කරදර වෙන්න ඕනි වුනේ නැහැ. විටෙන් විට අපිට ආරංචි එන්න ගත්ත මගේ ආදරණිය සැමියා ගැන. එයාට එහෙ තව කෙනෙක් නෝනා කෙනෙක් ඉන්නවා කියල.
ඒත් මට ඒ හැටි දුකක් හිතුනේ නැහැ. මොකද දුව ලැබුනට පස්සේ මට අමුතුම ශක්තියක් ලැබුනා වගේ ජීවිතේට මුහුණ දෙන්න. ඒත් මම ඔක්කොම ඉවසන් හිටියා. එයාගෙන් අහන්න ගියෙත් නැහැ. හැබැයි එයා වෙනදා වගේම සල්ලි නම් එව්වා.
අවුරුදු 5ක් විතර වුනා. එයාගේ ජිවිතේ ඇත්ත ඔක්කොම වගේ අම්මයි මමයි දැන් දන්නවා. ඒත් මම හිතුවා දුව වෙනුවෙන් දික්කසාද නොවී ඉන්න. දවසක් එයා විශ්වාස කරන්නත් බැරි වෙලාවක ගෙදර ආව. ආවේ කිසිම සල්ලියක්වත් නැතුව.
අර යාළුවෙලා හිටිය ගෑනි මෙයාව රවට්ටලා ඔක්කොම සල්ලිත් අරන් පැනලා ගිහින්. ඇවිත් තියෙන්නේ යාලුවෙක්ගෙන් උදව් අරන්.
මගෙන් අන්තිමට සමාව ඉල්ලුව. ආයේ කවදාවත් ඔහොම ජරා වැඩ කරන්නේ නැහැ කිව්වා. මට දෙවියෙක් වෙන්න ඕනි නැති වුනාට දුවගේ ගෞරවය රකින්න මගේ මහත්තයාට මම සමාව දුන්න. ඒ ගැන දුකක් නම් නැහැ.
නිමි...
අපේ ඔෆිස් එකේ ඉන්නවා ගැහැණු ළමයෙක්. හරි අහිංසකයි. මාත් එක්ක සැහෙන්න යාලුයි. ඒත් මට එයාව මගේ කරගන්න හිතෙනවා. එය බොහොම දීප්තිමත් මුහුණින් ඒ ගැන මාත් එක්ක කිව්වා. මගේ තිබුන බලාපොරොත්තු සුන් වෙලා යනවා දැනෙද්දී පිටතින් මම එයාට පෙනෙන්න හිනා වෙලා හිටිය. හරි ඉතින් ඔයා එයාට කැමති නම් ඒ ගැන අදහසක් දෙන්න. පස්සේ මම යන්න ගියා. ඒත් පසුව හොයල බලද්දී ඒ කෙල්ල අකමැති වෙලා. ගොඩක් දුකෙන් හිටිය එයාව මට නැති වුනාට එයාගේ සතුට මට වැදගත් කියල හිතුනා.
මම දවසක් අර මගේ යාලුවටත් කියන්නේ නැතුව ගියා අර ගැහැණු ළමය මුණගැහෙන්න. විස්තර කියල මොකද ඇහුවා අකමැති. එයාට වෙන කෙනෙක් ඉන්නවලු. එයා බලන් ගියාම අවංක කෙල්ලෙක් අද කාලේ හැටියට. බොරු කලේ නැහැනේ. මම මගේ ආදරයට කිව්වා ඔයා හිත හදාගන්න කියල. ඔහොම කාලයක් ගත වුනා. දැන් දැන් මට අර පිරිමි ළමය කතා කරනවා වැඩියි වගේ. අම්මත් ඒ ගැන හෙවිල්ලෙන් ඉඳලා ඇහුවා. එහෙම වගේ නේද කියල.
ඒත් මට දැන් එයාව හිතෙන්නෙම යාලුවෙක් වගේ විතරයි. අවුරුද්දක් විතර යද්දී ඒ පිරිමි ළමය මගෙන් ඇහුවා කැමැත්ත. මම කිව්වා අම්මගෙන් අහන්න කියල. අම්මත් ඒ තරම් අකමැත්තක් තිබුනේ නැති නිසා මාත් ඔන්න ඔහේ කැමති වුනා. එයාට රට යන්න අවස්තාවක් ආව. ඒ නිසා අපේ විවාහයත් ඉක්මනට ගත්ත. එයා මාවත් ටික කාලෙකින් ගන්නම් කියල රට ගියා.
මේ අතර තමා දැනගත්තේ මගේ කුසට දරුවෙක් ඇවිත් කියල. එයා අපිත් එක්ක තිබුන බැඳීම් ඒක දැනගත්ත දවසේ ඉඳන් අඩු කළා. හරියට මම විතරක් වරදක් කළා වගේ.
අම්ම මොකද මෙතන? මම අම්මගෙන් ඇහුවා පුදුමයෙන්. අනේ නැහැ දුවේ මම මේ ළමයා වේදනාවෙන් වගේ ඉන්නවා දැකලා මෙතනින් යද්දී ඇවිත් බැලුවා විතරයි. ඒත් අම්මා දන්නවද මේ කවුද කියලා. මම අර එදා විස්තර කියපු බෝයි තමා මේ. හරි පුදුම හමුවීමක්. අපේ කතාව දිහා බලන් හිටිය ඒ බෝයි යන්තම් හිනාවක් දැම්ම. ජිවිතේ බොහෝ දේ අහිමි වුන මට ඔයාල වගේ ආදරෙන් ඉන්න පිනක් නැහැ එයා කියනවා.
අඩුමතරමේ මට දැන් යන්නවත් තැනක් නැහැ. අනේ දරුවෝ ඕවා දැන් හිතන්න එපා. අපි මුලින් සනීප වෙලා ඉමු. අම්මත් යමු දැන් වාට්ටුවට. මම අම්මත් එක්ක ආයෙම ඇඳ ලඟට ආව. ඊටපස්සේ දවසේ අම්මව අසනීප අඩු නිසා ගෙදර එක්කන් යන්න අවසර ලැබුනා. ඒත් මම අර පිරිමි ළමයාව බලන්න පස්සෙත් ඇවිත් ගියා. එයාගේ පවුලේ විස්තර කිව්වා නිසා අපිට එහෙම නරකක් හිතුනේ නැහැ. ඒ නිසා තැනක් හොයාගන්නකල් අපි එයාට අපේ ගෙදර නවාතැන් දුන්න.
එයත් තමන්ගේ රස්සාවත් කරගෙන පාඩුවේ හිටිය. මමත් වෙනදා වගේම යාලුවෙක් වගේ එයා එක්ක හිටිය. ඒත් ඒ යහළුකම යටි හිතින් වෙන හැඟීමකට ඇරයුම් කරනවා වගේ මට නොතේරුනා නෙමෙයි. ඒත් මට වැඩිය තේරුමක් නැහැ ඒ ආදරයමද කියල. එයාට හිටියේ තාත්තයි කුඩම්මයි තව පොඩි මල්ලිලා දෙන්නෙකුයි. කුඩම්ම නිසා එයාට ගෙදර එපා වෙලා තමා එදා වහ බිලා තියෙන්නේ. මම අහන්නත් කලින් ඒ විස්තර එයා අම්මයි මමයි එක්ක කිව්වා.
ටික දවසක් යද්දී එයා කිව්වා අලුතෙන් නවතින්න තැනක් හොයාගත්ත කියල. ඒත් මම නම් එයා දුරස් වෙනවට ආස වුනේ නැහැ. ඒත් මට එපා කියන්නත් බැරි නිසා කමක් නැහැ කියල හිත හදාගන්න උත්සාහ කළා. එයත් හැමදාම වගේ මට මොකක්හරි කියන්න උත්සාහ කරනවා මට දැනුනා. ඒත් තාම නම් මොකුත් කිව්වේ නැහැ. ඒත් දවසක් එයා මට කිව්වා මුණ ගැහිලා කතා කරමු කියල. මමත් යමක් බලාපොරොත්තුවෙන් තමා ගියේ. මට කියන්න දෙයක් තියෙනවා.
කියන්නකෝ මම ආසාවෙන් කිව්වා. මට කෙනෙක් ගැන හැඟීමක් දැනෙනවා. ඒත් ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයා කෙලින්ම ඕක අහන්න එයාගෙන්. මම කිව්වා. එයත් මට කැමතියි වගේ. එයා පැතුම් ගොඩක් හිතේ තියන් කතා කරනවා වගේ මට දැනුනා. එහෙනම් වැඩේ ලේසියිනෙ.
හරි ඉතින් කවුද ඒ කෙනා කියන්නකෝ....
වැස්සත් එක්ක මම බස් නැවතුමට ආවේ සර්ට පින් දෙන ගමන් පන්තිය ඉක්මනට ඉවර කරපු නිසා. මුළු අහසම කළු වෙලා තාමත් නැහැනේ බස් එකක් පේන්නවත්. හයියෝ ඔන්න වහින්නත් පටන් ගත්තා.
එහෙම ඉන්නකොටම කවුද කොල්ලෙක් ඇවිත් මගේ ඇෙඟ් වැදුනා. කොහෙද හලෝ මේ යන්නේ? මම උත්තර දුන්නේ තරහින්. මොකද කුඩේත් තව ටිකෙන් අත්හැරෙනනවා මේ කෙනා නිසා. සොරි නංගී සොරි මගේ මුණ දිහා එයා බලද්දී
කොහේදෝ ඉඳලා ආව හුරුපුරුද්දක් මගේ හිතට දැනුනා. ඒත් මට ඒ ගැන තවත් හිතන්න වෙලාවක් වුනේ නැහැ බස් එකක් ආව නිසා.
මම අනිත් දවසෙත් පන්ති ඇරිලා වෙනදා වගේ එද්දී එදා සිද්දිය මතක් වුනා. ඒත් ඉතින් කවුරු දන්නා කෙනෙක්ද මගේ විකාර සිතුවිලි ගැන මම මටම බැන ගත්තා. හැමදාම අම්මා මම එනකල් මඟ බලන් ඉන්නවා ඇති. ඒ නිසා ඉක්මනට බස් එකට නගින්න හදද්දී මාව වැටෙන්න වගේ යද්දීම කවුද ඇවිත් මාව ඇතුලට තල්ලු කළා.
පස්සේ බලද්දී එදා අර ඇෙඟ් වැදුන කෙනා නේද කියල.
මම අද නම් හිතාගත්තා අම්ම එක්ක විස්තරේ කියන්න. මොකද අපි දෙන්නට ඉන්නේ අපි දෙන්න විතරක් නිසා. තාත්තගේ හදිසි වියෝව වෙලත් දැන් අවුරුදු දෙකක් විතර ඇති. මම පොඩි කාලේ ඉඳන් තාත්ත එක්ක ඉන්න ආස වුනාට තාත්ත නැති වුනාට පස්සේ අම්ම එක්ක තමා ගොඩක්ම ලං වුනේ. කොහෙද ළමයෝ අද ගියේ අම්ම අහද්දී තේරුනේ ගෙදරට මම ඇවිල්ලා නේද කියල.
ඉන්නකෝ අම්මේ මම පොඩි කතාවක් කියන්න ඔයාට. කොහොමහරි මම අම්මට අර විස්තරේ කිව්වා. අම්මා වැඩි වෙනසක් පෙන්නුවේ නැති වුනාට මොකක්හරි දෙයක් හිතුනද කියලත් මට නොදැනුනා නෙමෙයි. ඒත් ඒ අම්මලාගේ හැටි වෙන්න ඇති කියල මම හිතුවා.
අනිත් දවසේ අම්මට හොඳටම අසනීප වෙලා. ප්‍රෙෂර් වැඩි වෙලා. පන්ති යන එකත් මම නවත්තලා රෝහලේ නවතින්න වුනා. මම එහෙම ඉන්න ගමන් කල්පනා කලේ මොකද අම්මට එකපාරටම අසනීප වුනේ කියල. ඒත් විශේෂයක් හිතාගන්න බැරි වුනා.
කොහොම වුනත් කවුද මන්ද වහ බීලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙනවා හැමෝම කලබලෙන් බලනවා අපි දැක්ක. හොයලා බලද්දී තමයි දැක්කේ අර ළමයා මට බස් නැවතුමේදී මුණ ගැහුණ. ඒ වෙලාවේ මට සැහෙන්න හිතට දුකක් ඇති වුනා. ඒත් බලන්න යන්නවත් විදියක් නැනේ. අම්මව තනියම වාට්ටුවේ දාල. අනික එයා වේදනාවෙන් ඉන්නේ. ඒ ළමයා ගෙදරින් සලකන්නේ නැහැ කියලලු වහ බිලා තියෙන්නේ.
මට අනිත් අය කතා කරනවා ඇහුනා. අනිත් දවසට එලි වුනා. මටත් හරි නින්ද තිබුනේ නැහැ. මම අම්ම කෝ කියල බලද්දී පෙන්න නැහැ ඇෙඳ්. මම අම්මව හොයන ගමන් අර කොල්ල ඉන්න වාට්ටුව පැත්තට ගියා. මෙන්න පුදුම දෙයක්...
ඇරඹු යුග දිවිය අතරමඟ
අසරණය ඔහු අහිමි වූයෙන් ගත සුවය
එන්න එන්නටම දිවිය කටුක බව පසක් වී
ගියෙමි මා රැකියාවකට ඔහු සුව කරගැනුමට
ලැබුණු පඩියද මද වුවත්
ඉවසා සියල්ල කලෙමි වැඩ හැකි පමණ
ටික දිනක් යනවිට
ප්‍රධානියාගේ ඇගෑලුම් වැඩිවිය මෙමට
පලා යන්නට දැරූ තැත ඔහුගෙන්
රැකියාව අහිමි වන නිසා වලකාගෙන
සිතුවෙමි සැමියාගේ සුවය වෙනුවෙන්
මගේ ආත්මය පාවා දෙන්නට
සල්ලාල මිනිසෙකු හමුවේ
දැනගතහොත් කවුරුන් හෝ මෙය
වරදකාරිය මා බව කියනු ඇත
එවන් චෝදනා කරන අය
මගේ පණ හා සම සැමියා
රැක ගන්නට සහාය වනු ඇතිද?
කාලෙකින් මේ පැත්තේ ඇවිත් ලිපියක් ලියන්න බැරි වුනා. ඒත් ඔන්න අද ආවා.කලකට ඉහතදී මම ආදරය වෙනුවෙන් ලිව්වා කවි නිර්මාණ කිහිපයකුත් අරගෙන. කොටස් වශයෙන් කවි ටික බ්ලොග් එකේ දාන්න හිතාගෙන ඉන්නේ :)
වෙන්වීමක් කියන්නේ කෙනෙක්ට ගොඩක් දැනෙන දෙයක් වගේම
අනිත් කෙනාට එතරම් දෙයක් නොවෙන්න පුළුවන්. සමහර සම්බන්දතාවලට
නමක් දෙන්න නොහැකියි මේ සමාජ ගර්භය තුල. ඒ සමහරවිට ඒවා සරල
වැඩි ඇති නැතිනම් සංකීර්ණ වැඩි ඇති.
මොනවා වුනත් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ඈත් වෙන්න සිදුවෙන
එක මනුෂ්‍ය වගේම තමන් ප්‍රිය කරන සතුන් පවා නිසා ඇතිවිය හැකි දෙයක්.
සම්බන්දතාවක් ඇති වෙන්න අපි බොහෝ දෙනා කියනා පරිදි මහා කාලයක්
යා යුතුයි කියා කිව්වත් මාගේ අදහස එයට මොහොතක් වුවත් ප්‍රමාණවත්. එනමුත්
වෙන්වීමෙන් දැනෙන දුක වේදනාව සමහරවිට සදාකාලික වෙන්න පුළුවන්.
අද අපි කෙනෙක්ට සැනසීම ගෙනත් දෙනවා එනමුත් හෙට කාලයත් එක්කම.
අපිත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාදාරන හේතු නොමැතිව මනුස්සයෝ ලෙස
දුරස් වෙන එක නම් අනුමත කල නොහැකියි.
අපි කුඩා කල සිට මහලු වනතුරා මාපියන්, යාළුවන්, ආදරවන්තයා හෝ වන්තියට
ලංවෙන්න කැමතියි. එහෙත් අපිට ඔවුන්ව සදාකාලිකව කොහොමත් තියාගන්න බැරිබව
ඔබ මෙන්ම මමත් හොඳින්ම දන්නා කරුණක්. අනෙක් කරුණ තමයි අපිට කෙනෙක්ගේ
හිතේ බලෙන් රැඳෙන්න බැහැ. සහෝදරකම් පවා එහෙමයි. අපි තව කෙනෙක්ට තමන්ගේම
කියා සැලකුවත් ඔවුන්ට කුමනහෝ කරුණු නිසා අපව නොවටින්න පුළුවන්.
එය එසේ වුවත් අපි දුක් වී මිය යන්න යාමෙන් පලක් සිදුවෙන්නේ නැහැ. කවුරුන්වත්
පරාජිත වී නිකමුන් මෙන් ජීවත්ව මිය ගිය අය ගැන කතා කරන්නේ, සිහි කරන්නේ නැහැ.
නමුත් වැටෙන වාරයක් පාසා නැඟිට ජීවිතය සාර්ථක කරගෙන සමාජයට වැඩක් කල අය
ගැන මිනිසුන්ගේ හිතේ රැඳෙනවා ඉබේටම.