Saturday, September 27, 2014

එදා තමා දවස....


බ්ලොග් එක පටන් ගන්න මෙච්චර කල් ගියාට මම කවි නිර්මාණ ලියන්න අරන් දැන් අවුරුදු 3කට වැඩියි මතක් කරලා බැලුවොත්. :)

පොඩි කාලේ ඉඳන්ම ලොකු ආසාවක් හිතේ තිබුණ කවියක් ගැට ගහගන්න. 
ඒත් ඒකට කොහොම ලියන්නද කියල අවබෝධයක් මට ඇත්තෙන්ම තිබුනේ නැහැ.

ඇත්තෙන්ම කවිය කියන ලෝකෙට මම පිය නැඟුවේ ටිකක් හිත රිදුන සිද්ධියක් එක්ක.
ඒ සිද්ධිය මෙහෙමයි වුනේ. 2011 නොවැම්බර් මාසේ දිනක ඔයාල අපි හැමෝම බොහොම ලෙන්ගතුකමින් ඉන්න තැනක් නේ facebook කියන්නේ. එදා යම් පුද්ගලයෙක්ව මම අලුතෙන් මිතුරු ලැයිස්තුවට එකතු කරගත්තා.
මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියල අඳුරගන්නත් එක්ක මම ඔහුගේ වතගොත විමසුවා.

පසුව මට දැනුනා මොහු එතරම් ඇසුරට සුදුසු අයෙකු නොවෙන බවට. ඉතින් එතැනදී මගේ හිත බොහෝ සෙයින් කලකිරීමකට පත්වුනා කිව්වොත් නිවැරදියි.
ඒ මානසික තත්වයෙන් මම නිකමට වගේ අදහසක් ලියා එය fb status එකක් ලෙසින් ප්‍රකාශ කළා. පසුව එය මම මගේ නංගිට වගේම මගේ හොඳම යාලුවටත් පෙන්වා අදහස් විමසුවා.
ඔවුන් එදා දුන් දිරිය නැත්නම් අද වෙනතෙක් කවි ලියන්න නොසිතෙන්න තිබුනා මට. ඉන්පසුව මගේ හොඳම යහළුවෙක් තව තව කවි නිර්මාණ ගෘප් වලට මා එකතු කරනු ලැබුවා.
ඇත්තෙන්ම මම මේ අවස්ථාවේ ස්තුතියි කරනවා මගේ නංගිට වගේම මගේ මිතුරාටත්. :) 

මෙන්න මේ නිර්මාණය තමා මම මුලින්ම ලිව්වේ.

Friday, September 26, 2014

නුඹ සඳකි තරුවක් තරම්වත් ලං කරගන්නට වරම් නැති....

ආදරය ගැන සිතුවාම අපිට විවිධ ලෙසින් පැහැ ගැන්වුණු ආදර කතා දකින්න තියෙනවා.

අහිමි බව දැනෙන්න දැනෙන්න ආදරේ හිතට දැනෙනවත් වැඩිලු. ඔහොම කියනවා ප්‍රේමය අහිමි ආදරවන්තයෝ.
ආදරයක් ඇති වෙන්න වගේම ආදරය කරන්නත් වයස් සීමා නැහැ මම හිතන විදියට නම්.
ඒ වගේ ආදරයක් ගැන ලියවුනු කවි පන්ති කිහිපයක් මේ තියෙන්නේ.


සසරේ හමු වෙන්න ඇති
මෙලෙස අප හැමදාමත්
දැනෙයි ඔබෙන් ආදරේ
සමාජ සම්මත පසෙකලා
හිඳින්න සැමදා මා ළඟින්...


සොයුරෙක් ලෙස සිතා
මා හද තලනු එපා
ඔබ මා සමග නම්
වයස් බේදය වේද බාධා
එක්ව ගයමු ප්‍රේම ගී සදා...



කවදාවත් ලං නොවෙන සේ
ඇයි ඔබ පිපුනේ වෙන අත්තක මලක් වී
සම්මතයන් බිඳින්නට හැකි මුත්                          
සිත ඉඩ නොදෙයි දුකක්ම නිසාවෙන්
මතු සසරේ හෝ ඔබේම වන්නට පතන්නෙමි
එකම ඇත්තේ ලංව පිපුණු මල් දෙකක් ලෙස
සම්මතයන්ට පිටු නොපාමින්...







තරුවක් පමණි ඔබ මා ලොවට
උත්සාහ නොදරන්න හිරු වන්නට මාගේ
බලා සිටිනු නොහැක ඔබේ විනාසය 
මතු භවයේ තරු කැට දෙකක් වෙමුයි පතා
තවකෙකුට දිනකරක් වන්න මේ භවයේ....


බටහිර අහසේ බැස යන හිරු නොවෙන්න ඔබ
අඳුර දුරලන්නට තරුවක් වීම ඇතිය මට
ඔබේ ලොවේ හිරු වෙන්නට ඕනෑ නැත මට
සඳක් වී බලාහිඳීන්නෙමි නෙතු පුරාම.......



නොසිතෙයි මට මා ඔබේ නොවේයැයි
නොසිතෙයි මට ඔබ මාගේ නොවේයැයි
සිතෙයි මට යලිදු අප හමුවෙනවා යැයි
සසර පුරා අප අපේම වී වෙන් නොවේයැයි...



සමහරවිට
ඔබ මගේ නොවෙනවා ඇති
ඒත්
මා ඔබව මගේම කරගෙන ඇති

නමුත් 
ඔබ මා ඔබේම කරගෙන ඇති
එනමුත් 
මා ඔබව මගේම කරන්නැතිව ඇති...




Tuesday, September 23, 2014

කඳුලක් හා මතකයක්

මගේ හදවත ගලක් කෙල්ලේ. මට ආදරය කරලා ඔයාට වෙන්නේ ඒ ගලේ ඔලුව ගහගත්තා වගේ වැඩක්.
ඇය ඒ අතීතය නෙත් කෙවෙනි මත රැඳුනු කඳුළු සමඟ සිහි කළාය.ඇය නමින් නදී ය. ඒ සාමාන්‍ය පෙළ අවසන්ව ඇය ගෙදර සිටි සමයයි.ඔහු සිතුම් ය. ඔහු උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබීය.
වැරදීමකින් දුන් මිස් කෝල් එකක් නිසා මිතුරන් වූ ඔවුන් දෙදෙනා යහළුවන් ලෙසින් බොහෝ කුළුපග වුයේ මාස 3ක් වැනි කෙටි කාලයකිනි.
මම එයා නිදාගන්නකොට ඔලුව අත ගානවා. හැබැයි ෆෝන් එකෙන්. ඔහු ඔහුගේ පළමු ආදර කතාව කිව්වේ එලෙසය. එය අසනා ඇයට සිතුනේ අනේ මට වෙන්න තිබුනා නම් එයාගේ ආදරය කියාය.

මෙසේ කාලය ගත වෙද්දී ඔවුන් fb හරහාද යහළුවන් විය. ඔයා මගේ හොඳම යාළුවා වගේ මන් ගැන හොයල බලන නිසා මන් ඔයාට වරයක් දෙන්නම් ඔයා කැමති දෙයක් ඉල්ලන්න. ඔහු එලෙස එදා විහිලුවට මෙන් පැවසු දෙය ඔහුවම වෙනස් කල මහා දෙයක් වෙනු ඇතියි නොසිතන්නට ඇත.
ඇය කියුවේ ඔයා හැමදාමත් මාත් එක්ක කතාබහ කරලා ලඟින් ඉන්න ඕනි කියා පමණකි. ඉන්පසු කාලයක් යනතුරු කිසිදු වෙනසක් නොවී ගෙවී ගියා යයි කිව නොහැක. මන්ද ලෝකයාට පෙනෙන්නට එසේ කිසිම වෙනසක් නොවුවද හිතෙන් සිතුම් මෙන්ම නදී ද බැඳෙමින් සිටි නිසාය.


පළමුව නදී ඔහුට පෙම් කලද පසුකාලීනව සිතුම් ඇයට ආදරය කලේ කිසිවක් සිතාගන්න බැරි ලෙසය.ඔහුගේ ගලක් ලෙසින් තිබු සිත ආදරය මත වෙඬරු පිඩක් විය. මොනතරම් ආදරය කලද ඔවුන් තවමත් එකිනෙකා හැබැහින් දැක තිබුනේ නැත. එයට හේතු වුනේ කොල්ල නුවර වීමත් කෙල්ල කොළඹ වීමත්ය.
කාලය කොතරම් ඉක්මන්ද යත් ඔවුන් යහළුවන් වී අවුරුද්දකට ආසන්න වෙමින් පැවතිනි.