Tuesday, September 23, 2014

කඳුලක් හා මතකයක්

මගේ හදවත ගලක් කෙල්ලේ. මට ආදරය කරලා ඔයාට වෙන්නේ ඒ ගලේ ඔලුව ගහගත්තා වගේ වැඩක්.
ඇය ඒ අතීතය නෙත් කෙවෙනි මත රැඳුනු කඳුළු සමඟ සිහි කළාය.ඇය නමින් නදී ය. ඒ සාමාන්‍ය පෙළ අවසන්ව ඇය ගෙදර සිටි සමයයි.ඔහු සිතුම් ය. ඔහු උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබීය.
වැරදීමකින් දුන් මිස් කෝල් එකක් නිසා මිතුරන් වූ ඔවුන් දෙදෙනා යහළුවන් ලෙසින් බොහෝ කුළුපග වුයේ මාස 3ක් වැනි කෙටි කාලයකිනි.
මම එයා නිදාගන්නකොට ඔලුව අත ගානවා. හැබැයි ෆෝන් එකෙන්. ඔහු ඔහුගේ පළමු ආදර කතාව කිව්වේ එලෙසය. එය අසනා ඇයට සිතුනේ අනේ මට වෙන්න තිබුනා නම් එයාගේ ආදරය කියාය.

මෙසේ කාලය ගත වෙද්දී ඔවුන් fb හරහාද යහළුවන් විය. ඔයා මගේ හොඳම යාළුවා වගේ මන් ගැන හොයල බලන නිසා මන් ඔයාට වරයක් දෙන්නම් ඔයා කැමති දෙයක් ඉල්ලන්න. ඔහු එලෙස එදා විහිලුවට මෙන් පැවසු දෙය ඔහුවම වෙනස් කල මහා දෙයක් වෙනු ඇතියි නොසිතන්නට ඇත.
ඇය කියුවේ ඔයා හැමදාමත් මාත් එක්ක කතාබහ කරලා ලඟින් ඉන්න ඕනි කියා පමණකි. ඉන්පසු කාලයක් යනතුරු කිසිදු වෙනසක් නොවී ගෙවී ගියා යයි කිව නොහැක. මන්ද ලෝකයාට පෙනෙන්නට එසේ කිසිම වෙනසක් නොවුවද හිතෙන් සිතුම් මෙන්ම නදී ද බැඳෙමින් සිටි නිසාය.


පළමුව නදී ඔහුට පෙම් කලද පසුකාලීනව සිතුම් ඇයට ආදරය කලේ කිසිවක් සිතාගන්න බැරි ලෙසය.ඔහුගේ ගලක් ලෙසින් තිබු සිත ආදරය මත වෙඬරු පිඩක් විය. මොනතරම් ආදරය කලද ඔවුන් තවමත් එකිනෙකා හැබැහින් දැක තිබුනේ නැත. එයට හේතු වුනේ කොල්ල නුවර වීමත් කෙල්ල කොළඹ වීමත්ය.
කාලය කොතරම් ඉක්මන්ද යත් ඔවුන් යහළුවන් වී අවුරුද්දකට ආසන්න වෙමින් පැවතිනි.


මොනතරම් සෙනෙහස සුන්දර වුවද මෙහි අසුන්දර එක දෙයක් විය. එනම් ඔවුන් දෙදෙනා ආගම් දෙකක අය වීමයි. දිනක් නදී සිතුම්ට කිව්වේ අපේ ගෙදරින් නම් එහෙම අවුලක් වෙන එකක් නැහැ ඔයා කතෝලික වුනා කියල. හ්ම් හ්ම් අපි බලමුකෝ සුදෝ සිතුම් කිවේය.


දැන් අපි යාළුවො වෙලා අවුරුද්දක් වෙන දවස සමරන්න වටිනවා ඒ නිසා අපි දෙන්න එදාට මීට් වෙලා කොහෙහරි යමු. ඔයාට මාවත් මට ඔයාවත් විශ්වාස නිසා කතා කරගත්තා වගේම රූම් එකකට යමු. අපිට නිදහසේ ඉන්න පුළුවන්.
අනෙක් පෙම්වතුන් මෙන් ඔවුන්ට රාගික හැඟීම් නිවාලන්නට නොව අවැසි වුයේ නිදහසේ තනි වෙන්නටය. අනේ මන්ද මට නම් බයයි. ඔහු කිවේය. ගෙදරින් දැනගත්තොත් මට මුහුදේ පැනල මැරෙන්න වෙන්නේ. ඒත් කමක් නැහැ කිසිම කෙල්ලෙක් ආයේ මගේ ජීවිතේට එන්න දෙන්නේ නැහැ කියල හිතන් හිටිය මාව වෙනස් කලේ ඔයයි.

ඒ නිසා ඒ මොහොත මන් ඔයා එක්ක ඉන්නම්.

එදවස උදා විය. ඔයා එක්ක මෙහෙම දවසම ඉන්න තියෙනවා නම් නදී කිව්වේ සිතුම්ගේ පපුවට තුරුල් විය. ඔයා වේවි සමහරවිට මගේ ජීවිතේට ලං වෙන අවසාන කෙල්ල.
දුකින් වුවද එදා ඔවුන් වෙන්වූයේ නැවත කවදාහෝ මුණ ගැසෙන්නටය.

ඔහු උසස්පෙළ ලියා අවසන් විය. විශ්ව විද්‍යාලයට යාමට වරම් ලැබුනේ නැත. නදී දැන් උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන්නීය.
ටික දවසක් වැඩි වෙනසක් නොවුවද සිතුම් තමන්ගෙන් දුරස් වෙන බව නදීට දැනෙමින් තිබුණි. මොකක්ද අනේ වෙලා තියෙන්නේ? දැන් වැඩි කතාවක් නැත්තේ මොකද?” නදී ඇසීය. ඔයා හිතන්නේ මට වෙන වැඩ නැහැ කියලද? මම ගෙදර බිස්නස් බලාගන්න ඕනි ඉගෙන ගන්න ඕනි.” ඔහු කිවේය. “ ඕවා ඉතින් ඉස්සරත් කලේ. මොකක්ද දැන් අමුත්ත?” නැවත ඇය ඇසීය.

කිහිප දවසක් මෙසේ කතාවක් ඇති වුවද පෙරදා මෙන් ආදරයක් හදවත් වලින් දුරස් වෙමින් තිබිණි.
“මට දැන් රට යන්න වෙලා තියෙන්නේ මට networking degree 1ක් කරන්න ඕනි.” සිතුම් නදීට පැවසීය. ඉතින් හොඳයිනේ.
දුක සඟවා නදී ඔහුගේ සතුටට එකඟ විය.

සියලු දේ නිමා වෙනවාක් වැනි හැඟීමක් නදීට දැනුනි. දිවා රාත්‍රිය නොබලා ඔහු රට යන කටයුතු කළේය, එදින උදාවිය. තව ඉතිරිව ඇත්තේ හෝරා කිහිපයකි.  කඩිමුඩියේ පැමිණ සමු ගන්නා කල අනේ මාව දාල යන්න එපා කියා ඔහුගේ පපුවට වී මහා හඬින් ජිවිතේ පළමු වතාවට පිරිමියෙක් වෙනුවෙන් කඳුළු සැලීය.



"ඔයා ආවද? කොහොමද ඔහේ තත්වය" සිතුම් දැන් එතෙර යාලුවෙක්ගෙ නිවසේ නැවතී සිටියි. "ජොබ් හොයන්න ලේසි නැහැ. ගෙනාව සල්ලිත් ඉවරයි. කතා කරන්න සල්ලි නැහැ. මගේම කියල ලැප් එකක්වත් නැහැනේ. " රට ගිය මුල් දිනවල ඔහු කිවේය. පසුව ඔහු ජොබ් එකක් සොයාගත්තේය.
මේ අතර සිතුම්ගේ හොඳම යාලුවාගේ හැරගිය පෙම්වතිය සිතුම්ට වැඩි වැඩියෙන් චැට්, කෝල් කරන්නට වුවාය.

“ඔයාට අර කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලොකු වුනේ කොහොමද? එයා මොකද ඔයා එක්ක දැන් ඔච්චර කතාව?" කියමින් කතා කල දිනයක් වේද ගැටුම් ඇතිවිය. වැඩි කල් නොගොස් සිතුම්ගේ සහ අර යාළුවගේ පෙම්වතිය වූ ගැහැණු ළමයා වන මදුෂි අතර කුමන හෝ පෙමක් ඇති බව වැටහෙන්නට වූ නිසා නදී සිතුම්ගෙන් සමු ගන්නට තීරණය කළාය. 
සමු අර ගැන්ම අපහසු වුවද කෙසේහෝ හිත හදාගෙන සිටියාය. ටික කාලයක් යනවිට මදුෂි සිතුම්ව ඇත හැර ගොස් තිබුණි.

මේ සියල්ල සිතුම්ගේ මිතුරෙක් දිනක් නදී හා පවසන කල සියල්ල  සිහි කලේ  සිය හදවත අහිමි වූ පරිද්දෙනි.








10 comments:

  1. එලස්. ඔහොමම යමු දිගටම ජය !!

    වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කළා නම් කමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete
  2. Lassanata liyala tiyenawa. Digatama liyanna akke...

    ReplyDelete
  3. ඔය තියෙන්නේ!!!!
    වර්ඩ් වෙරිෆිකේශන් කෙරුවාව වැඩක් නෑ අක්කේ!!! ඒක අයින් කරලා දාන්න!!

    ReplyDelete
  4. hondata katha liyanna puluwan wage neda???????

    ReplyDelete
  5. ඇයි සිතුම් එහෙම එක පාරටම වෙනස් උනෙ?

    ReplyDelete