Monday, October 31, 2016
Tuesday, October 11, 2016
Friday, September 16, 2016
විරහ කතාවක්
දිනක් ලැබුණි
නොහඳුනන ඇමතුමක්
පිළිතුරු ලෙස
යැවුනේ කෙටි පණිවුඩයක්
ආරම්භය විය එය
මිතුදමක
කාලය ගතවිය
කාටත් හොරෙන්
නැතුවම
බැරිවිය එකිනෙකවම
රහසින් කරයි
පෙම් පවසගත නොහැකිව
පසුව පවසයි
සිතැඟි නොදුටු වුවද
ඇරඹුමක් විය
එය සොඳුරු ප්රේමයක...
හමුවිය
කෙදිනකවත් නොදුටු ආදර හදවත් දෙකක්
එනමුදු වෙනස්
නොවී තිබුනේ අවරුදු කිහිපයකි සෙනෙහස
ටිකෙන් ටික
අවුල් වියවුල් ඇතිවිය ආදරයට
සිනහවට වඩා
දෙදෙනාම කඳුලට බරවිය
හදිසියේම ඔහුට
හමුවිය අලුත් මිතුරියක්
කෙමෙන් කෙමෙන්
ඔහු වෙනස් වන්නට විය
දැක්වුයේ
නිදහසට කරුණු ඔහු සිත් අමනාපකම් සැම දින
අවසන් කිරීමට
සොඳුරු පෙම
ඇයට දැනුනි
ඔහුගේ හැගීම්
අලුත් මිතුරිය
ලංවී ඇති සැටි
කළහැකි දෙයක්
නොමැත අන් කිසිවක්
හිත සනසා
ගැනුම හැර ඇයට....
ඉල්ලනු එපා
නැවත වරක් සමාව
මා ද හදවත්
ඇත්තෙකු බව තේරුම්ගන්න
හිතනු එපා ඔබ නොමැති
මා අසරණයි කියා
මතු පැතුමක්
ද නැත ඔබ මාගේ වෙන්න කියා
Thursday, September 8, 2016
Thursday, August 25, 2016
Sunday, August 7, 2016
මා සිත්ගත් මගේ කවි IV
සබඳතා......
01. නොපිලිගැනීම...
අපට හිතවත් වූවෝ අප හැර යති
අපව වටිනා අය අපට ලං වෙති
එනමුත් අප,
හිත පිලිගන්නා අයට පමණක් සලකති
අපට සලකනා අයව නොපිලිගෙන විඳවති...
02. හද තුළ රඳවා සෙනෙහේ
එකම ලේ යැයි සිතා
හැකි හැම දේ කලේ
මිතුරුදමයි සැමදා ඇත්තේ...
03. තාක්ෂනේ දියුණු වෙමින්
සැමදෙනා තමා වෙනුවෙන් පමණක්
වද වෙමින් හැල්මේ දුවනා යුගයක
කර්කශ වූ මොලගෙඩිවලින්
කෙසේ සිසිලක් ඔබත් මාත් පතමුද
අද එකක් කියා හෙට තවත් දෙයක්
සොයා ගොස් පැටලෙන මිනිසුන් හමුවේ
හදේ තෙරපෙනා සිතුවිලි එක්කාසු කලාට
හැමදාමත් ඔබත් මමත් රැවටුනා පමණක් වේද
මරණය අතින් රැගෙන අප සැම ඉපදුනත්
අපටවත් හිමි නැති ජිවිතයක
ඔබටත් මටත් එහි සැබෑ අරුත දකින්නට
මේ සසරේ කවදා නම් හැකිවේද...
Thursday, July 28, 2016
මා සිත්ගත් මගේ කවි III
සඳට ආදරෙන් ලියූ කවි 1
සඳ තරු මල් පෙන්නා
පොළවත් අහිමි කිරීම
කුමන මායමක්ද
එහෙත් වන්නේද එයම නම්
කුමක් කරමුද?
සඳ තරු මල් පෙන්නා
පොළවත් අහිමි කිරීම
කුමන මායමක්ද
එහෙත් වන්නේද එයම නම්
කුමක් කරමුද?
සඳට ආදරෙන් ලියූ කවි 2
සඳ වටකර
තරු ගොන්නක් පෑව්වත්
සඳ පෙම් කල
එකම තරුවකි
ඇත්තේ නබෝ ගැබ තුළ...
ලොවම නිදනා නිශායම
ආදර කොඳ කැකුළු පිබිදෙයි
වලා වියන යට
සඳ හා තරුවේ
සෙනෙහස් කිරණින්....
සඳට ආදරෙන් ලියූ කවි 3
සඳ බලන් ඉන්නෙ රාත්රිය උදාවෙන කල්
කඩුපුල් මල් එක්ක දොඩමලු වෙන්න
ඒත් සමහරදාට පෙන්නවත් එන්නෙ නැත්තෙ
ඇයිද කියල අහන්න බයයිලු හඳට කඬුපුල් මලෙන්
තරහා වෙලා නොඑන්නම යාවි කියලා
සඳ වටකර
තරු ගොන්නක් පෑව්වත්
සඳ පෙම් කල
එකම තරුවකි
ඇත්තේ නබෝ ගැබ තුළ...
ලොවම නිදනා නිශායම
ආදර කොඳ කැකුළු පිබිදෙයි
වලා වියන යට
සඳ හා තරුවේ
සෙනෙහස් කිරණින්....
සඳට ආදරෙන් ලියූ කවි 3
සඳ බලන් ඉන්නෙ රාත්රිය උදාවෙන කල්
කඩුපුල් මල් එක්ක දොඩමලු වෙන්න
ඒත් සමහරදාට පෙන්නවත් එන්නෙ නැත්තෙ
ඇයිද කියල අහන්න බයයිලු හඳට කඬුපුල් මලෙන්
තරහා වෙලා නොඑන්නම යාවි කියලා
Subscribe to:
Posts (Atom)














