Wednesday, February 11, 2015

එක් දිනක් මත වූ සදාකාලික ආදරය......

ආදරය බොහෝ අය දන්නේ හුඟාක් සුන්දර දෙයක් විදියට. ඒ වගේම ඒක විඳින අයත් කියන්නේ එහෙමයි. ආදරේ නිසා විරහව විඳින අයත් ඒ නිසාමද මන්දා ආදරේ කරපු කාලය ගැන හිතලා සතුටු වෙන්නෙත්. ඒත් විරහව කියන එක සමහරවිට වෛරය බවට පත් වෙන්නත් පුළුවන්. ඒ ඉතින් එක එක අය අනුව වෙනස් වෙනවා.


කොහොම වුනත් මම අද කියන්න හැදුවේ තව දින දෙකකින් විතර එන දවසක් ගැන. කියනකොටම කට්ටිය  දන්නවා ඒ තමයි Valentine's Day එක.

Valentine ආදිපාද නිසා ආරම්භ වුනා කියල සැලකෙන මේ දිනය දැන් අපේ රටෙත් බොහෝ පෙම්වතුන් සමරනවා. ඒ වගේම මේ දවස වෙළඳාම් කරන අයටත් සැහෙන්න වටිනවා. මේ දවස්ටිකේ ටිකක් ඇවිදලා බලන්න ටවුන් එකේ එහෙම. මොනතරම් දේ ආදරේ වෙනුවෙන් වානිජකරණය වෙලාද කියල. මම දන්නේ නැහැ ඔබ ආදරේ කරන කෙනෙක් නම් ඔබට පුලුවන්ද ඔබේ ආදරේට මිලක් දෙන්න? වෙන කවුරුහරි එහෙම කරන්න හැදුවොත් ඔබ කැමතිද? මට නම් හිතෙන්නේ Valentine's Day එක කියන්නේ ප්‍රේමයට මිලක් දෙන, තියෙන වටිනාකම් නැති කරන දවසක් කියල.

ඔබ සිතනවාද අපි දකින මල් වලින් විතරයි කෙනෙක් ආදරේ සමරන්නේ කියල? එහෙම නැහැ. තමන්ගේ වාසියට හිතන කොල්ලෝ නිසා කෙල්ලෝ කියක් නම් අනාත වෙලා යන දවසක්ද කියල නිකමට හරි හිතන්න. මුළු ලෝකෙම ආදරේ සමරන දවසක ඒ ආදරේ ඔප්පු කරන්න අපේ රටේ කෙල්ලෙක්ගෙ පිරිසිදුකම ගැන තියෙන එක පිළිගන්නා දෙයක් කෙල්ලෙක්ට අහිමි වෙන දවසක්. (එය පිළිගැනීම ගැන මෙහිදී මම කතා කරන්නේ නැහැ). 


තවත් අතකින් හිතුවොත් අපේ පිරිමි ළමයි කීයක්හරි එකතු කරලා ඒක මේ එක දිනයක් වෙනුවෙන් නාස්ති කරලා දාන දිනයක් නේද මේ එන්නේ ළඟදීම? සමහරවිට ඔවුන් තවම පාසල් යන අයෙක් වෙන්න පුළුවන්. එගේම කෙනෙක් සල්ලි එකතු කරන්නේ ගෙදරින් දෙන කියෙන් හරිනේ. රස්සාවක් කරන පිරිමි ළමයෙක් වුනත් ඉතුරු කරපු දෙකින් තමයි තමන්ගේ කෙල්ලට මොනාහරි දීලා මහා ඉහලින් සමරන්නේ. ඉතින් ඒවාට කියක් නම් වියදම්ද?

ඔබ මාත් සමඟ එකඟ නොවෙන්න පුළුවන්. ඒත් මඳක් කල්පනා කරන්න. ඔබ ඔහුට හෝ ඇයට ඇත්තටම ආදරේ නම් එක් දිනක් පමණක් කුමටද විශේෂත්වයක්? අනික සමහර අය දැන් Valentine's Day ගතකරන්න පමණක් කෙනෙක් හොයාගන්නවාලු. ඇයි ඔබ ඔබේ හැඟීම් ඒ තරම් බාල්දු කරන්නේ? ලෝකය කුමක් කලත් හොඳ දේවල් පමණක් අපි තෝරාගන්න වගබලාගන්න ඕනි. එවිටයි අපේ ජිවිත හොඳින් ගෙවන්න හැකි වෙන්නේ.

මට දැනුන දේ තමයි මේ. ඔබේ අදහසුත් කියලාම යන්න. :)


9 comments:

  1. ඔබ හරි........
    කෙටියි.....
    තේරුම් ගන්න පහසුයි.....

    ReplyDelete
  2. MMMM..Hadawathatama denuna...e adaraya,,

    ReplyDelete
  3. වැලන්ටයින් ගැන මගෙ නම් අදහස මේකයි -
    http://mathakawasthuwa.blogspot.com/2012/02/blog-post_13.html

    මම ඒක විශේෂයෙන් සැමරීමක් කරන්නෙ නෑ...

    ReplyDelete
  4. ආදරේ තරම පෙන්වන්න වැලන්ටයින් ඕනි නැහැ

    ReplyDelete
  5. කූට වෙලේන්දොන්ගෙයි මද්‍යකාරයෝයි අපේ තරුණ පරම්පරාවට දුන්න දායාද තමයි මේ... :(

    ReplyDelete