Tuesday, April 28, 2015

IT අය ගැන.........

මම ගොඩක් කැමති වගේ හදාරන ක්ෂේත්‍රයක් තමා information technology කියන්නේ. ඒත් එතන ඉන්නෙත් අනිත් අය වගේම මිනිස්සු තමා. 
ඒ ගැන ලිව්ව කවි පන්තියක් මේ....... :) 




කම්පීතර් සිස්ටම් අතරේ සැරිසරා
ඩිසයින් ගැන දෙවේලේ සිත සිතා
ඩේටාබේස් එකේ තොරතුරු හංගලා
ජීවිතේ ගෙවෙයි කොම් ලඟට වෙලා

යල් පැන ගිය අප්ඩේට් නම් එපා කියා
ක්‍රැක් අතරින් ඩවුන්ලෝඩ් සොය සොයා
සමාජ ජාල එක්ක පොඩ්ඩක් ඇවිදිල්ලා
ටයිප් කරයි වර්ඩ්වලින් ලියුමක් ගලපලා

ඉන්ටනෙට් අතරේ අලුත් දේ සොයලා
අන් අයට පහදන්නේ වැඩකිඩ දාලා
වාඩිවෙලා හිටියත් නොදන්නා ලෙසිනා
තොරතුරු තාක්ශණේ සැමටම වැදගත් වෙනා

හාඩ්වෙයා ගැන හැමෝම දන්නේ නැතුවාට
පොඩි එකා පවා දනී පීසී ඇසෙම්බලින් ගැන
තනතුරු අනුව පඩිනඩි වෙනස් වී තිබුණාට
වැඩ කරන්නේ තවත් එක් මිනිසෙක් නොවෙද...


8 comments:

  1. ඒක නම් ඇත්ත.... අපි කම්පියුටර් පිස්සො කියල නෙ කට්ටිය හිතන් ඉන්නෙ... හැමෝම එහෙම වෙන්න ඕන... තමන්ගෙ ක්ෂේත්‍රයෙ පොඩි පිස්සුවක් තියෙන්න ඕන ඒ පිළිබඳ දැණුම ලෙසටම පිහිටන්න නම්...
    :)

    ReplyDelete
  2. නියමයි නියමයි සීස් ජය වේවා..!!

    ReplyDelete