Tuesday, February 2, 2016

මේ ආදරයම වෙයි 1

කාලෙකින් මේ පැත්තේ ඇවිත් ලිපියක් ලියන්න බැරි වුනා. ඒත් ඔන්න අද ආවා.කලකට ඉහතදී මම ආදරය වෙනුවෙන් ලිව්වා කවි නිර්මාණ කිහිපයකුත් අරගෙන. කොටස් වශයෙන් කවි ටික බ්ලොග් එකේ දාන්න හිතාගෙන ඉන්නේ :)



කොතැනක හෝ ඉඳීවි ඔබ,
බලන් හිඳිමි මම,
කාලය එනතුරු,
සොයන්නෙමි නොකඩවා,
සසර පුරා,
ළඟින් සිටි නුඹව,
මනසේ ඇඳුනු ඒ රුව,
කොහේ හමු වේවිද ,
නොදනිමි මම...



දිගු නියඟයකට,
හසුව තිබුණු,
පෙදෙසක් මෙන් වූ,
මගේ සිත,
ඔබේ රුව දැක්මෙන්,
සතුටේ මොර සූරන වැසි,
නොනැවතී ඇදහැලී,
නැඟුණි මුවඟට සිනහවක්...


මතක් වෙයි ඔබව
සිනාවෙමි තනිවම
කියන්න ඕනෑමයි
ආදරෙයි ඔබට...

ගීයක් ගයන්න
නටා තුටු වන්නට
ඕනෑමයි මට
ඔබ සිහිවන විට...
උපමා නැත දෙන්නේ මා
ඔබ වෙයි එකම උපමාව
බලාසිටිමි මා
කාලය එනතුරු
ඇත්තේ එක දෙයකි

කියන්න ඕනෑමයි 
ආදරෙයි ඔබට....












මිතුරු දමේ මහිමයෙන්,
ඔබ මා දැනහඳුනා ගෙන,
මුල් දිනයේ මුණ ගැසුන 
සිත මා හට කීවේ,
ඔබ මින් පෙර කෙදිනක හෝ,
දැක ඇතියැයි,
එනමුත් එවැනි මතකයක්,
කොහේ සිට පැමිණියේද කියා,
සොයමි මම තවමත්...





කෙනෙක් ආදරේ හිතේ තබාගෙන තැවෙයි,
අනෙකා ආදරේ කර ඒ ගැන තැවෙයි,
තවෙකෙක් ආදරේ කරමින් තැවෙයි,
මොනවා කලත් මේ ආදරයම වෙයි...


5 comments:

  1. අගෙයි කවිටික.. දිගටම ලියන්න..

    ReplyDelete
  2. ලස්සනයි කවි..ආදරේ වගේම.

    ReplyDelete
  3. ලස්සනයි කවි..ආදරේ වගේම.

    ReplyDelete
  4. අපූරුයි...ජයවේවා

    ReplyDelete