Wednesday, July 13, 2016

මා සිත්ගත් මගේ කවි I

අක්කගේ ආදරේ...

විටෙක ඈ මගේ දෙවැනි මව් හා සමවෙයි
ඉඳහිට පඬි වදනුත් පවසනවා නැතුවා නොවෙයි
ජොලියට වාගේ රණ්ඩුත් නැතුවා නොවෙයි
එනමුත් ඈ මගේ පණ වැනි සොයුරියම වෙයි

සිනා කතා බොහෝයි ලඟින් හිඳිනා විට
මටත් වඩා හොඳින් හඳුනයි මගේ සිත
ආදරේ කොපමණදැයි කිව නොහැක
සැමදා ආදරේ මේ අක්කා නුඹට...




ඇමතුම...

දිනෙක පැමිණි දුරකතන ඇමතුමක්
නොවීය ඇයට දැනුණේ හුරුපුරුද්දක්
කාලය ගියේ ඇතිවී මිතුරු දමක්
වැඩිකල් නොගොස් ඇතිවුණි සෙනෙහසක්

කිසිදා හැබැහින් නොදුටු මුත් දෙදෙනා
පතාගෙන එන ලෙසින් බැඳී සිටින්නා
කතා කරගත් දිනේ සියැසින් හඳුනගන්නා
වසර ගණනක් මෙලෙසින් ගතවී යන්නා

දිවියේ නේක බාධා පැමිණෙන කලට
දුරස් වීය ආදර හදවත් නොදැනෙන ලෙසට
අලුත් මිතුරියක් හමුවූයේ ඔහුට
ආදරවන්තිය දැන් නොම එන්නේ සිතට

පෙරදා වාගේ නැත දැන් සෙනෙහස හැඟෙන්නේ
දුරස් වීම පමණි දින දින වැඩි වෙන්නේ
ඔහුටත් දැන් අලුත් ආදරයක් ලැබී තිබෙන්නේ
දුක පමණක් අවසානේ ඉතුරු වී තිබුණේ...

No comments:

Post a Comment