Sunday, July 24, 2016

මා සිත්ගත් මගේ කවි II

දුරකථන කවි 1


දකින දකින හැම කෙනාම එල්ලීගෙන සිටින
දුරින් සිටින අය ලං කරවයි නිතර
පිස්සෝ නිසා වෙලාවකට මොලේද අවුල් කරන
දුරකථනය අපිට නැතුවම බැරිය....

රසවත් කතාවකි වෙලාවක් නොදැනුනද
සතයක් නොමැතිව සමහරු දුක් විඳින
තවකෙක් හට යකා නගී කැඩුන විට
ෆෝන් කඩේ අයියාගේ සරණයි එවිට...

එකට දෙකක්ම සමහරෙක් ළඟ ඇති
එකක්වත් නොමැතිව තවකෙක් දුක් විඳී
විවිධ මෝස්‌තර ඇතිමුත් ගැනුමට
සල්ලි නොමැතිව දුරකතනයෙනුත් වැඩක් නැත...

දුරකථන කවි 2 


එකම පෙදෙසේ එකම ජාලයකට 
අයත් අයෙකුටවත්
හරිහැටි අමතන්නට නොහැකි වූ
දුරකථන සම්බන්ඳතාවයකට 
ගෙවන සල්ලි වලින්
යන තැනකට පිනක් කරගත්තානම්
කොතරම් හොඳදැයි සිතුනි මට...

No comments:

Post a Comment