Saturday, September 27, 2014

එදා තමා දවස....


බ්ලොග් එක පටන් ගන්න මෙච්චර කල් ගියාට මම කවි නිර්මාණ ලියන්න අරන් දැන් අවුරුදු 3කට වැඩියි මතක් කරලා බැලුවොත්. :)

පොඩි කාලේ ඉඳන්ම ලොකු ආසාවක් හිතේ තිබුණ කවියක් ගැට ගහගන්න. 
ඒත් ඒකට කොහොම ලියන්නද කියල අවබෝධයක් මට ඇත්තෙන්ම තිබුනේ නැහැ.

ඇත්තෙන්ම කවිය කියන ලෝකෙට මම පිය නැඟුවේ ටිකක් හිත රිදුන සිද්ධියක් එක්ක.
ඒ සිද්ධිය මෙහෙමයි වුනේ. 2011 නොවැම්බර් මාසේ දිනක ඔයාල අපි හැමෝම බොහොම ලෙන්ගතුකමින් ඉන්න තැනක් නේ facebook කියන්නේ. එදා යම් පුද්ගලයෙක්ව මම අලුතෙන් මිතුරු ලැයිස්තුවට එකතු කරගත්තා.
මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියල අඳුරගන්නත් එක්ක මම ඔහුගේ වතගොත විමසුවා.

පසුව මට දැනුනා මොහු එතරම් ඇසුරට සුදුසු අයෙකු නොවෙන බවට. ඉතින් එතැනදී මගේ හිත බොහෝ සෙයින් කලකිරීමකට පත්වුනා කිව්වොත් නිවැරදියි.
ඒ මානසික තත්වයෙන් මම නිකමට වගේ අදහසක් ලියා එය fb status එකක් ලෙසින් ප්‍රකාශ කළා. පසුව එය මම මගේ නංගිට වගේම මගේ හොඳම යාලුවටත් පෙන්වා අදහස් විමසුවා.
ඔවුන් එදා දුන් දිරිය නැත්නම් අද වෙනතෙක් කවි ලියන්න නොසිතෙන්න තිබුනා මට. ඉන්පසුව මගේ හොඳම යහළුවෙක් තව තව කවි නිර්මාණ ගෘප් වලට මා එකතු කරනු ලැබුවා.
ඇත්තෙන්ම මම මේ අවස්ථාවේ ස්තුතියි කරනවා මගේ නංගිට වගේම මගේ මිතුරාටත්. :) 

මෙන්න මේ නිර්මාණය තමා මම මුලින්ම ලිව්වේ.




දහසක් ගැටලු මැද...ජීවත් වෙන අප...
සැනසිල්ලක් ලබන්නට ෆේස්බුකිය වෙත එන කල...
මානසික ලෙඩකුගේ වදන් අසා...
මුළු ෆේස්බුකියම එපා වූ විට සිතෙන්නේ....
අහෝ! සමාජයකට ගිය කලය....

ඇත්තෙන්ම කියන්න ඕනි දහස් ගණනක් කවි ලිව්වට මම මහා ලොකු කවියෙක් නෙමෙයි. කවි පොත් ප්‍රකාශ කරන එක මගේ සිහින ගොඩේවත් තාම නැහැ. වත්කමක් තාම ඇත්තේ නැහැ :)
මම මට ඇතියි කියල හිතෙන දවස වෙනතුරු ලියන්න හිතාගෙන ඉන්නවා. දැනට නම් මගේ කවි ජිවිතේ ගැන කියන්න තියෙන්න මේ ටික තමා යාලුවනේ. :)

3 comments:

  1. mata nm mathaka nene mokada une kiyala

    ReplyDelete
  2. මමත් ඒ කාලෙ ඔය වගෙම අදහසක් ලිවුව මගෙ ලිස්ට් එකේ හිටපු ගෑල්ලමයෙක් මගෙන් කරපු එක්තරා ඉල්ලීමක් නිසා... :-)

    ඔයාට ලස්සනට ලියන්න පුලුවන් නගො... දිගටම ලියන්න කවි...

    --ජය--

    ReplyDelete