Tuesday, June 23, 2015

මනුසත්කම (එක කතාවක්)

ඉපදුන දා දුවණියක්
හිනැහුනා මුළු පවුලක්
ගෙවුනා යම් කාලයක් 
දැනුනේ යම් අමුත්තක්

අසනීප වී නිතර දුවනී
සැනසුම සිතෙන් ගිලිහුනී
මාපිය සිටියේ තැවුලෙන්
පිළියම් සෙව්වේ ඉක්මනින්

අතපා දම් පැහැ වී උණ ගැනෙනා විට
හදේ සිදුරක් බව දොස්තර කී විට
වැලපුම් දී ඔවුන් බලා නොසිට
සුවය පතා ආධාර පැතුවේ හැකිවිට

සමහරු හිනා වුනේ මහා බොරු යයි කියා
එනමුත් පිහිට කෙරූ ය සිටියේ බොහෝ දෙනා
පියාගේ රැකියාවෙන් ලැබූ මුදල්ද හැකිසේ ලබා
එකල අනුව පිටරට ගියේ සුවය ගෙන එන්න පතා


සැබෑ ලෙස අසරණ වූ කල මිනිසුන් ලෙඩ දුක් වලින්
මෙලෙසින් අසරණ වෙයි කිසිදා නොසිතුව ලෙසින්
බොරුව කලත් වැඩිදෙනා වාසි තකා වැඩියෙන්
පිහිටවීම වටී මනුසත්කම හැමදා අගයමින්....

8 comments:

  1. හ්ම් තව හිතන්න ඕන...

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. තරහ වෙන්න එපා ආරම්භය හොඳයි..ඒත් මට නිකං වාර්තාමය ගතියක් දැනුනා..

    ReplyDelete
  5. අදහස අපූරුයි

    ReplyDelete