Saturday, December 20, 2014

රත්තරන් ආදරේ....

මෙතුවක් දවසක් හදේ පරිස්සමට
තියාගෙන තිබූ රත්තරන් ආදරේ
ගෙනයන්නට ඉඩ දී බලෛන්නෙමි
කඳුළු අතරින් සිනාසී...

බුද්ධියත් හදවතත් අතර යුද්ධයෙන්
බුද්ධියට දිනුම දුන්නෙමි
හදවතම හඬා වැලපෙද්දී
අසරණව දැවී දැවී වේදනාවෙන්...







නැවත ඔබ කවදාහෝ පැමිණියත්
ඉඩ ඇත මගේ හදේ ලැඟුම් ගන්නට
නොමැරී මා තවත් කලක්
දිවිගෙවා සිටියොතින් බව සිහිතබාගන්න...

Tuesday, December 2, 2014

ජීවිතය මේ අපගේමයි.......

ජීවිතය ගැන බොහෝ දේ අපිට දැනෙනවා හැඟෙනවා. විටෙක අපි ජීවිතය විඳිනවා, නැවත විඳවනවා. 
ඉතින් ජිවිතේ ගැන මට සිතුන අදහස් කිහිපයක් මෙලෙසින් දක්වන්න හිතුවා. 


අදහසක් එහෙමත් කියල යන්න :) :)









Saturday, November 22, 2014

අපේ class එක..

පිස්සු නටන සෙට් එකයි
මොනවා වුනත් අපි එකයි
එක පන්තියේ අපි සැමයි
ලෙන්ගතු හිත් හරි හැඩයි


පෙම් කතා අහුමුලුවල ඇසෙයි
ගෝරි දාගෙන හැංගෙන්න බයයි
ඉගෙනීමත් උනන්දුවට බරයි
ටීචර්ට කීකරු අපි හොඳ ළමයි


Friday, October 24, 2014

එය පාර මිස බුදලයක් නොව....

ගමේ පාර…


අධිවේගී පාර ඉදිවෙන තුරාවට
ගමේ පාරේ වල අමතක කොට
ගණන් හදයි එක්ව සැම එදිනට
අධිවේගයෙන් යනෙනා සැටි මතක්කොට

වහිනා කලට පාරක් නොව ගඟක්‍ නොවැ ඇත්තේ
පයින් යන්නටවත් ඉඩක්නැති වලකුයි සෑදී ඇත්තේ
ඡන්දයක් නොම වෙයි ලඟ ඒකයි ගැටළුව ඇත්තේ
මන්ත්‍රීතුමා ඒකයි ප්‍රතිපාදන ගැන සිතමින් ඇත්තේ


ඉඩම පොඩි නිසා පාරෙන් පොඩ්ඩක් අල්ලා වැට ගැසුවා
කවුරු නම් ඔවා දනීද ඒ ගැන නම් කිසි බයක් නම් නැතුවා
පාරේ වැලිත් විකුණා කා සේදී යන්නේ පාරමයි අමතක කෙරුවා
ගමේ පාර තමන්ගේ බූදලේ කියා සමහරු සිත් තුල සටහන් යෙදුවා

Saturday, October 18, 2014

දෙවියොත් අහක බලන කල....

මෙහෙකාරකම කියන්නේ මම නම් හිතන්නේ කිසිම කෙනෙක් කැමැත්තෙන් කරන රැකියාවක් නෙමෙයි. දුප්පත්කම තමා මේ වගේ දෙයක් කරන්න බොහෝ අයව පෙළඹවන්නේ. 
ඉතින් පොඩි දරුවෝ කියන්නේ මල් වගේ. එහෙම දරුවෙක්ට මෙහෙකාරකමේ යෙදෙන්න වුනොත් ඒ දරුවට කොහොම හිතේවිද?
ඔන්න කියවන්න එහෙනම්...


දහසින් බැඳී පියලි දෙනවා කියා
දෙමාපියන් මා සිටුමැදුරකට යවලා
විඳිනා දුක් ගැහැට ගැන නොම දන්නා 
මෙහි තනි වී මා ලොවට රහසේ හැඬුවා....





උදේ හවා වැඩ පමණයි ඇත්තේ
දෙවියන්වත් ඇයි මා දෙස නොබලන්නේ
පාසල ගැන හැමවිට සිහිවන්නේ

කවදාදෝ මේ නර දුකින් ගැලවෙන්නේ....

Thursday, October 16, 2014

ඔන්න බස් එකක් එනවෝ!!!

බස්වල ගමන් නොගිය කෙනෙක් අපේ රටේ නැතුව ඇති මම හිතන්නේ. ඉතින් බොහෝවිට එහෙම ගමන් බිමන් යද්දී අත්දකින්න වෙන සිද්ධි ටිකක් ගැන තමා මම පොඩි කවි ටිකක් ලිව්වේ. :)

කඩිමුඩියේ බසයට නැගගත් අයද වෙතී
කොන්දා ඒ සැම අතරින් දුව දුවා යතී
බසය මඟුල් කරගන්නට ගොස් සමහරු පහර කතී
වැඩිදෙනා නම් පමාව ගැන රියදුරාට බැණවදිතී

බ්‍රේක් පහර ගසන්නෙ එලියට විසි වෙන්නයි
ඒ පමාවෙන් සමහරු වාසියද ලබයි
කෑගසනා රේඩියෝවෙන් කිසිවක් හරිහැටි නෑසෙයි
එනමුත් එක්වරක් හෝ ලංකාවේ බසයක යා යුතූමයි...





Monday, October 13, 2014

නැගණියනේ....

සමාජය පෙනෙන තරම් සුන්දර නැහැ. විශේෂයෙන් ගැහැණු ළමයෙකුට ජිවත් වෙද්දී එන අභියෝග බොහොමයි. පාසල් යන කාලේ ඉතා සුන්දර කාලයක්. ඒ වගේම ඉගෙනීම ඉතා වැදගත්.
ඉතින් ප්‍රේමයට හිත යොදන්නේ නැතිව පාසල් යන කලේ හොඳින් ඉගෙන ගන්න නංගී. :)