Monday, October 13, 2014

නැගණියනේ....

සමාජය පෙනෙන තරම් සුන්දර නැහැ. විශේෂයෙන් ගැහැණු ළමයෙකුට ජිවත් වෙද්දී එන අභියෝග බොහොමයි. පාසල් යන කාලේ ඉතා සුන්දර කාලයක්. ඒ වගේම ඉගෙනීම ඉතා වැදගත්.
ඉතින් ප්‍රේමයට හිත යොදන්නේ නැතිව පාසල් යන කලේ හොඳින් ඉගෙන ගන්න නංගී. :)





sms එකේ ආදර වදන් තිබුනාට
call එකේ හීන හතක් දුන්නාට 
සෙනෙහෙ ලියුම් දහසක් ලිවුවාට
නංගියේ තාමත් ඔබ පොඩි එකී නේද


අයියා මගෙමයි මා අයියාගෙමයි සිතුවාට
කනින් කොනින් ඇහෙනා දේ ගෙදරින් නොදන්නේද
අකුර අමතක වුවා යැයි හඬනා දාක
අද සිටිනා පෙම්බරා හෙටත් ලඟින් සිටිවිද....

6 comments:

  1. අකුරු ටිකක් ලොකු කරන්නකෝ මැඩම්...
    තව බ්ලොගේර් ෆ්ලොවර් අයිටම් එකත් එල්ලන්න

    ReplyDelete
  2. මේ යාන්තම් උසස්පෙළ කරන්න එන කෙල්ලො කොල්ලොන්ට ඇත්තටම ආදරේ ගැන හරි අදහසක් ඇත්තෙම නෑ, අපි උසස්පෙළ කරපු කාලෙ ලොකු අයියල අක්කල අපිට ඕක කිවුවට පිලිගත්තෙ නෑ වගෙම දැන් උන්ට ඒක කිවුවත් උන් පිළිගන්නෙත් නෑ... :)

    හැබැයි අද අපි ඒක පිළිගන්නව.... ඒ කාලෙ අපේ නොදැනුවත්කම නිසා කොච්චර පව් වැඩ කරනව ද? දැනුවත්ව කොයි තරම් කරල තියෙනව ද... මිනිස්සුන්ට බලාපොරොත්තු දීල... :(
    අපිට ඒව ගෙවන්නම වෙනව... :(

    ReplyDelete