Thursday, October 16, 2014

ඔන්න බස් එකක් එනවෝ!!!

බස්වල ගමන් නොගිය කෙනෙක් අපේ රටේ නැතුව ඇති මම හිතන්නේ. ඉතින් බොහෝවිට එහෙම ගමන් බිමන් යද්දී අත්දකින්න වෙන සිද්ධි ටිකක් ගැන තමා මම පොඩි කවි ටිකක් ලිව්වේ. :)

කඩිමුඩියේ බසයට නැගගත් අයද වෙතී
කොන්දා ඒ සැම අතරින් දුව දුවා යතී
බසය මඟුල් කරගන්නට ගොස් සමහරු පහර කතී
වැඩිදෙනා නම් පමාව ගැන රියදුරාට බැණවදිතී

බ්‍රේක් පහර ගසන්නෙ එලියට විසි වෙන්නයි
ඒ පමාවෙන් සමහරු වාසියද ලබයි
කෑගසනා රේඩියෝවෙන් කිසිවක් හරිහැටි නෑසෙයි
එනමුත් එක්වරක් හෝ ලංකාවේ බසයක යා යුතූමයි...






3 comments:

  1. ඒක ඇත්ත... එක පාරක් හරි ලංකාවෙ බස් එකක නම් යන්නම ඕන ඒ අත්දැකීම ගන්න...
    :-D

    ReplyDelete