Friday, October 10, 2014

ෆේස්බුක් සහ මංගල යෝජනාව....

අද කාලේ ගොඩක් අය fb ඉන්නවනේ. ඉන්න අය ඒක විවිධ විදියට යොදා ගන්නවා. එහෙම යොදාගත්ත කෙනෙක්ට වුන ඇබැද්දියක් තමා මේ තියෙන්නේ.


කලවයසත් ගෙවීගෙන යන හන්දා
හිත් ගත්ත කෙනෙකුත් නැති හන්දා
මාපිය යුතූකම් කලයුතූ හන්දා
සෙව්වා මඟුලක් ඔවුන් ඈ හන්දා

වතුපිටි වත්පොහොසත් ගැලපේලූ

උගත්කමත් ගැලපේ සිතු ලෙසලූ
පෙනුම බලන්නට දිනයක් දාගත්තේලූ
කපුවා දෙපැත්තෙන්ම කතා කරගත්තාලූ

කට්ටිය පිරිවරින් මනාලි බලන්න ගියේ

මනාලයා දුටු මනාලි හට හොල්මන් වූයේ
ෆේස්බුකියේ දුටු අනංගයෙක් බව සිහිවූයේ
කෙරෙන්න ගිය මඟුල එතනින් අහවර වූයේ...

4 comments:

  1. රෙදි ගැලවෙනවා කියන්නෙ ඔන්න ඕකට තමයි...

    අලුතෙන් ෆේස්බුක් ආපු ෆේක් එකවුන්ට් බිහි වෙන්න ප්‍රධානතම හේතුව ඕක තමයි....
    :)

    ReplyDelete