Friday, October 24, 2014

එය පාර මිස බුදලයක් නොව....

ගමේ පාර…


අධිවේගී පාර ඉදිවෙන තුරාවට
ගමේ පාරේ වල අමතක කොට
ගණන් හදයි එක්ව සැම එදිනට
අධිවේගයෙන් යනෙනා සැටි මතක්කොට

වහිනා කලට පාරක් නොව ගඟක්‍ නොවැ ඇත්තේ
පයින් යන්නටවත් ඉඩක්නැති වලකුයි සෑදී ඇත්තේ
ඡන්දයක් නොම වෙයි ලඟ ඒකයි ගැටළුව ඇත්තේ
මන්ත්‍රීතුමා ඒකයි ප්‍රතිපාදන ගැන සිතමින් ඇත්තේ


ඉඩම පොඩි නිසා පාරෙන් පොඩ්ඩක් අල්ලා වැට ගැසුවා
කවුරු නම් ඔවා දනීද ඒ ගැන නම් කිසි බයක් නම් නැතුවා
පාරේ වැලිත් විකුණා කා සේදී යන්නේ පාරමයි අමතක කෙරුවා
ගමේ පාර තමන්ගේ බූදලේ කියා සමහරු සිත් තුල සටහන් යෙදුවා

No comments:

Post a Comment